Identity area
Reference code
Title
Date(s)
- 27.01.2017 (Creation)
Level of description
Extent and medium
Context area
Name of creator
Administrative history
Repository
Archival history
වර්ෂ 1981 අංක 30 දරන පනතින් සංශෝධිත, වර්ෂ1973 අංක 48 දරන ජාතික ලේඛනාරක්ෂක නීතියේ 11 වන වගන්තිය අනුව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවකට අදාළ සියලු ලේඛන, එබඳු කොමිෂන් සභාව මඟින් සිය අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු මාස තුනක් (03) ඇතුළත ජාතික ලේඛනාගාරය වෙත භාර දීම පරීක්ෂණ කොමිෂන් සභා ලේකම්වරයාගේ කාර්යභාරය වේ.
අවසන් වාර්තාවේ ප්‍රධාන ලේඛනය ජාතික ලේඛනාගාරය වෙත 2018.01.19 දින භාර දී එය ලිඛිතව ආබද්ධ කර ඇත. වාර්තාවේ ඇමුණුම්, පරිපාලන ලිපිගොනු සහ ශ්‍රව්‍ය දෘශ්‍ය ලේඛන කොමිෂන් සභාවේ ලේකම් විසින් 2018.02.16 සහ 2018.02.28 දිනවලදී භාර දෙන ලදි. එහිදි කොමිෂන් සභා ලේඛන ආබද්ධ කිරීමේ දී ජාතික ලේඛනාගාරය විසින් අනුගමනය කරන ලද ක්‍රියාදාමය වන රහස්‍ය ප්‍රකාශ අත්සන් කර ඇති ජාතික ලේඛනාගාරයේ නිලධාරීන් කොමිසමේ නිලධාරීන් ඉදිරිපිට සෑම ලේඛනයකම පිටු අංක පරීක්ෂා කිරීම සිදු කරන ලදි.
ලේඛන පරීක්ෂා කිරීමෙන් අනතුරුව 2018.02.23 සහ 2018.03.23 දිනවලදි අවසාන පැවරීමේ පෝරම සහ රහස්‍යභාවය සුරැකීමේ ගිවිසුම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ කොමිසමේ ලේකම්තුමා විසින් අත්සන් කරන ලදුව ලේඛන සියල්ල ආබද්ධ කර ගන්නා ලදි.
Immediate source of acquisition or transfer
Content and structure area
Scope and content
මෙම කොමිසමේ ලේඛන ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ලේඛන කාණ්ඩ අංක 717 යටතේ ආබද්ධ වී ඇති අතර එය ලේඛන 341කින් යුක්තය. එහි වෙළුම් ගත ලේඛන 202 ක් හා ශ්‍රව්‍ය දෘශ්‍ය හා දෘඩ තැටි 139 ක් අන්තර්ගත වේ.
ආබද්ධ වූ ලේඛන අතරින් කොමිසමේ පරිපාලන ලිපිගොනු 19 ක් ඇත. ඒ අතර කොමිසම පිහිටුවීමේ ගැසට් නිවේදන, ලේකම්ගේ පත්වීම් ලිපිය හා සේවා දිගු ලිපිගොනුව, කොමිසම මඟින් නිකුත් කරන ලද නිවේදන හා විධිවිධාන, සිතාසි ආදිය ඇතුලත් වී ඇත.
අවසාන වාර්තාවේ ප්‍රධාන ලේඛනය අනුව ඒ සඳහා ඇමුණුම I, ඇමුණුම II, ඇමුණුම IV සහ ඇමුණුම V වශයෙන් ඇමුණුම් 4 ක් තිබේ. ඉහත වාර්තාවේ ඇමුණුම III පිළිබඳ සඳහන් නොවන බව කොමිසමේ ලේකම් විසින් ඔහුගේ 2018.02.16 දිනැති ලිපියෙන් මෙම දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇත.
ඇමුණුම I හි කොමිසම ඉදිරියේ මහජනතාව විසින් ලබා දුන් ලිඛිත පැමිණිලි ගොනු කර ඇත.
ඇමුණුම II හි විවිධ පාර්ශවයන් විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂිවල සහතික කරන ලද පිටපත් ඇතුළත් වන අතර ඒවා ලකුණු කරන ලද ලේඛන (Marked Documents) ලෙස කොමිසමේ සාක්ෂි ගැනීමේ කටයුතුවලට භාවිතා කරන ලදි.
කොටුව මහේස්ත්‍රාත් උසාවිය විසින් කොමිසමේ ලේකම්තුමා වෙත 2018.02.02 දින නිකුත් කරන ලද නියෝගයක් මත සහ නීතිපති දෙපාර්තමේන්තුවේ 2018.02.14 දින ලිපියේ උපදෙස් පරිදි 2018.02.26 දින අදාළ වාර්තාවේ ඇමුණුම II හි සියලු ම මුල් පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඔහු විසින් භාර දී ඇත. එම දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලද ලේඛන ලැයිස්තුවේ පිටපතක් කොමිසමේ ලේකම්තුමා විසින් මෙම දෙපාර්තමේන්තුව වෙත 2018.02.28 දින භාර දී ඇත.
ඒ අනුව, වෙළුම් 84කින් සමන්විත ඇමුණුම II හි පිටපත් කොමිසමේ ලේකම්තුමා විසින් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත. යම් දිනක පර්යේෂණයකට අවශ්‍ය වේ යන අදහසින් එහි ඡායා පිටපත් මෙම දෙපාර්තමේන්තුව වෙත ආබද්ධ කර ගත් අතර එම ලේඛන පිටපත් කොමිසමේ ලේකම් විසින් සත්‍ය පිටපත් බවට සෑම වෙළුමකම අවසානයේදී අත්සන් යොදා සහතික කර ඇත.
ඇමුණුම II හි C 1-368 දක්වා ලේඛන නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද ලේඛන වේ. එයින් C 90 D (i) හා (iii) ලෙස ගොනු දෙකක් ආබද්ධ වී තිබුණ ද C 90 D (ii) ලෙස ගොනුවක් ආබද්ධ වී නැත. එය කෝප් වාර්තාවේ 9වන වෙළුමේ දෙමළ භාෂා පරිවර්තනය වේ. ඒ හැර, පහත සඳහන් ආයතන සහ පුද්ගලයන් විසින් කොමිසම වෙත ඉදිරිපත් කරන ලද සාක්ෂි අවසාන වාර්තාවේ මෙසේ වර්ගීකරණය කර ඇත:
PTL 1-144 පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ්
KP 1-8 කසුන් පලිසේන
BG 1-3 බන්දුල ගුණවර්ධන
AA 1-2 අර්ජුන් ඇලෝසියස්
Ravi 1-2 රවි කරුණානායක
AM 1-54 අර්ජුන මහේන්ද්‍රන්
S 1-32 පී. සමරසිරි
ඇමුණුම II හි සාක්ෂි CD, DVD ආදී ශ්‍රව්‍ය දෘශ්‍ය ලේඛනවල ද තැන්පත් කර ඇත. එහි දුරකථන සංවාද පටිගත කිරීම්, හඬ පටිගත කිරීම්, ජංගම දුරකථන වලින් ලබා ගත් තොරතුරු අන්තර්ගත වේ.
ඇමුණුම IV නීතිඥවරුන් විසින් කොමිසම වෙත ඉදිරිපත් කරන ලද තොරතුරු ඇතුලත් වෙළුම වේ.
කොමිසම ඉදිරියේ දී සාක්ෂි දුන් අයගේ සාක්ෂි සටහන් ඇමුණුම V හි ඇතුලත් වේ. එක් එක් අය සඳහා වෙන වෙන ම වෙළුම් ඇති අතර ඒවායේ ඔවුන්ගේ නම්, පැමිණි දිනය, පැමිණි වේලාව සටහන් වන අතර ඔවුන්ගේ අත්සනින් එම සාක්ෂි සහතික කර ඇත. අර්ජුන මහේන්ද්‍රන් සහ කසුන් පලිසේන මහතුන්ගේ සාක්ෂි සටහන්වල ඔවුන්ගේ අත්සන් නොමැති බව කොමිසමේ ලේකම්තුමා ඔහුගේ 2018.02.16 දිනැති ලිපියේ සඳහන් කර ඇත. ඒ අනුව කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් 71 දෙනෙකුගේ සටහන් ආබද්ධ වී ඇත. තවද, මෙම සාක්ෂි ලබා දුන් අයගේ සාක්ෂි පටිගත කිරීම් ද ශ්‍රව්‍ය දෘශ්‍ය ලේඛනවල තැන්පත් වී ඇත.
කොමිසමේ අවසාන වාර්තාව පිටු 1154 කින් යුක්ත වන අතර එය මහජන පරිශීලනය සඳහා විවෘතව පවතී.
Appraisal, destruction and scheduling
Accruals
System of arrangement
Conditions of access and use area
Conditions governing access
අවසන් වාර්තාවේ ප්‍රධාන ලේඛනය හැර එම වාර්තාවට අදාළ ඇමුණුම් සහ වෙනත් ලිපිගොනු ජාතික ලේඛනාරක්ෂක නීතියේ 16 (ඇ) වගන්තිය අනුව 1978.12.15 දින නිකුත් කරන ලද රජයේ ගැසට් පත්‍රයේ දෙවන නියෝගය යටතේ වසර තිහකට (30) ආවෘත කර ඇත.
ආවෘත කරන ලද කොමිෂන් සභා වාර්කා සම්බන්ධයෙන් රහස්‍යතා ගිවිසුමක් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව පිළිපැදිය යුතු බැවින් එම ලේඛන පරීශීලනය සඳහා ජනාධිපති ලේකම්ගේ ලිඛිත අවසරය අවශ්‍ය වන බව ජාතික ලේඛනාරක්ෂක නීතියේ 16 (ඇ) වගන්තිය අනුව 1980.02.01 දින නිකුත් කරන ලද රජයේ ගැසට් පත්‍රයේ නියෝගය යටතේ සඳහන් වී ඇත. කෙසේ වෙතත්, 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත මඟින් මේ තත්ත්වය දැන් අභිබවා යා ඇති බවට ඉඩ ඇත.
මෙම කොමිසමේ ලේඛනවල ලැයිස්තුව ජාතික ලේඛනාගාරයේ පර්යේෂණ කාමරයේ දී පරිශීලනය කළ හැක. එම ලැයිස්තුව පරිශිලනය කිරීමේදී අවසාන වාර්තාවේ ප්‍රධාන ලේඛනයේ ඇමුණුම් විස්තරය අවශ්‍ය වේ. මන්ද, ඇමුණුම්වල වැඩි විස්තර එම ලේඛනයේ පවතින බැවිනි.
මෙම ලේඛනවල සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා මහජන පරිශීලනයේ දී ලේඛනවල පිටපතක් ලබා දිය හැකි අතර විශේෂ අවස්ථාවලදී පමණක් මුල් පිටපත පරිශීලනය සඳහා ලබා දිය හැක.